බේරේ වැවේ මගී බෝට්ටු සේවාව අද සිට

බේරේ වැවේ අද සිට මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක්

by Staff writer 22-08-2019 | 6:53 AM

COLOMBO (News 1st) - බේරේ වැවේ අද සිට මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ වේ.

ඒ, කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය අවම කිරීමේ විකල්පයක් ලෙසයි. යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බේරේ වැවේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය ක්‍රියාත්මක වනු ඇති. ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව එය ක්‍රියාත්මක කරන්නේ ශ‍්‍රී ලංකා නාවික හමුදාව සමග එක්වයි. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේ, මාසයක කාලයක් අදාළ බෝට්ටු සේවාව නොමිලේ ක්‍රියාත්මක බවයි.