දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න නව වැඩපිළිවෙළක්

පාසල් දරුවන්ට ඉංග්‍රීසි සන්නිවේදනයට දිනයක් වෙන් කිරීමේ තීරණයක්

by Staff writer 22-08-2019 | 11:38 AM

COLOMBO (News 1st) - සෑම පාසලකම සතියට එක් දිනක් ඉංග්‍රීසි සන්නිවේදන දිනයක් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එහි අතිරේක ලේකම් එම්. එම්. රත්නායක මහතා සඳහන් කළේ, එදින සිසුන් සමග ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදන කටයුතු කරන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බවයි.