තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ඇරඹෙයි

තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ඇරඹෙයි

by Staff writer 22-08-2019 | 6:55 AM

COLOMBO (News 1st) - ඉදිරියේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ආරම්භ වී තිබේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ලබන සතිය දක්වා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගන්නා බවයි. මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අතර හමුවක් හෙට පැවැත්වීමට නියමිත වේ. ඉදිරි ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එහි අරමුණයි.