චීනය පිරිනැමු නෞකාව පරාක්‍රමබාහු ලෙස අධිකාරියට

චීනය පිරිනැමු නෞකාව පරාක්‍රමබාහු ලෙස අධිකාරියට

by Staff writer 22-08-2019 | 10:35 PM
COLOMBO (News 1st) : චීනයෙන් ප්‍රදානය කළ පී 625 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නමින් අද අධිකාරියට පත් කෙරිණ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් චීන සමූහාණ්ඩුව මෙම නෞකාව පිරිනැමී ය. 1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 වන අතර එහි ධාරිතාව ටොන් 2300 කි. https://www.facebook.com/NewsfirstSL/videos/895091237534989/