ගෝඨාභයට නිදහස් පක්ෂ සමාජිකත්වය ගන්නැයි ඇරයුමක්

ගෝඨාභයට නිදහස් පක්ෂ සමාජිකත්වය ගන්නැයි ඇරයුමක්

by Staff writer 22-08-2019 | 8:23 PM
COLOMBO (News 1st) : නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර නැවත සාකච්ඡා ආරම්භ කරන බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර මන්ත්‍රීවරයා අනාවරණය කළේ ය.
''ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අතර සාකච්ඡා ලබන සතියේ සඳුදා සිට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා..අපි මේ සාකච්ඡාවලින් බලාපොරොත්තු වෙන්නේ රට වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න''
ප්‍රශ්නය :- ඉදිරි සාකච්ඡාවලදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සහය දෙනවද නැද්ද කියන එක නෙමෙයිද සාකච්ඡා වෙන්නේ ? මහින්ද අමරවීර :- අපි මේ සාකච්ඡාව පොදුජන පෙරමුණත් සමග වගේම ගෝඨාභය රාජපක්ෂ සමගත් මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්ක තමයි අපි අවබෝධතා ගිවිසුම අත්සන් කරනවනම් අත්සන් වෙන්නේ. ප්‍රශ්නය :-පක්ෂයක් හැටියට අවබෝධතා ගිවිසුමක් ගෝඨාභය මහත්තයත් එක්ක අත්සන් කළ යුතුයි කියන තැනට අවිල්ල ද තියෙන්නේ? මහින්ද අමරවීර :- ජාතික වැඩපිලිවෙලක් පිලිබදව තමයි අපිට වැදගත් වෙන්නේ .ඒ වැඩපිලිවෙල ක්‍රියාත්මක වෙන්නේ එතුමගෙන්ද කියන එක අපි විමසනවා. ප්‍රශ්ණය :- ඔබතුමාලගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බැහැනේ දැන් තියෙන තත්ත්වයත් එක්ක? මහින්ද අමරවීර :- ඒ මොකෝ නීතිමය බාධාවක් නැහැ . ප්‍රශ්නය :- දැන් සාකච්ඡාවට ගිහින් ඔබතුමාට කියන්න පුළුවන් ද ඔබතුමා ඉදිරිපත් වෙන්න එපා , අපි දානවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා , එහෙම කියන්න පුළුවන්ද ? මහින්ද අමරවීර :- සාකච්ඡා අසාර්ථක වුනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙයි.අනිත් එක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නෙමෙයි.නිල නොවන විදිහට කරපු කතාවලදි අපි කිව්වා පක්ෂයක නියෝජිතයෙක් දිනවන්න අපි කටයුතු කරන්නේ නැහැ කියලා. ප්‍රශ්නය :- එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගනියි කියලා ඔබතුමා හිතනව ද ? මහින්ද අමරවීර :- අපි ආරාධනා කරලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගන්න.ඔහුට අවශ්‍ය නම් ගන්නත් පුළුවන් එහෙම නැත්තන් ස්වාධීනව ඉදීමේ හැකියාවක් තියෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අරන් ඉල්ලුවොත් මන්ත්‍රීවරු සියලු දෙනාත් , සංවිධායකයෝ සියලුදෙනාත් , 363000ක අපේ කාඩර් එකත් ඔක්කොම එලියට බැහැල වැඩ කරයි . ප්‍රශ්නය - අගමැතිකමට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව දාන්න කටයුතු කරයි ද ? මහින්ද අමරවීර - අපි සාකච්ඡා කිසිම එකක තනතුරු ගැන කතා කළේ නැහැ .හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයේ ජාතික ආණ්ඩුවකට යෑමේ සූදානමකුත් නැහැ.ඒකත් අපි කියන්න ඕනේ. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ පොදුජන පෙරමුණට තනිවම ජයග්‍රහණය කළ නොහැකි බවයි. තව ද මෙම මාධ්‍ය හමුවේදී ඊයේ රාත්‍රියේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැත්වූ භෝජන සංග්‍රහයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වීම ගැන ද මාධ්‍යවේදීහු ප්‍රශ්න කර සිටියහ.