එජා සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිතයා ජනපති හමුවෙයි

එජා සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිතයා ජනපති හමුවෙයි

by Staff writer 22-08-2019 | 10:28 PM
COLOMBO (News 1st) : තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහය දක්වන බව එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත රොබට් ජම්කම් මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ හමුවු අවස්ථාවේදීයි. ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවිය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන මගින් දැනට මෙරට ක්‍රියාත්මක කෙරෙන වැඩ සටහන් පිළිබඳව මෙරට නියෝජිතවරයා ජනාධිපතිතුමා දැනුවත් කළේ ය.