ඇල්ල රොක් රක්ෂිතයේ ගින්නක්

ඇල්ල රොක් රක්ෂිතයේ ගින්නක්

by Staff writer 22-08-2019 | 8:57 PM
COLOMBO (News 1st) : බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල රොක් ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හටගෙන තිබේ. මේ පිළිබඳව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, මෙය වනජීවි නිලධාරීන් භාරයේ පවතින ප්‍රදේශයක් බවයි. අද පස්වරුවේ ගින්න හටගෙන ඇති බවත්, ප්‍රපාතයක හටගෙන තිබෙන නිසා එය නිවාදැමීම ඉතා අපහසු බවත් ඔහු සඳහන් කළේ ය. සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ වන ජීවි නිලධාරීන්ගේ සහයට යුද හමුදාව ද එක්ව සිටින බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/391186074934876/