රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංඛේත වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංඛේත වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංඛේත වර්ජනයක

කර්තෘ Sagarika Chathumali

22 Aug, 2019 | 7:54 pm

COLOMBO (News 1st) : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද එක්දින සංඛේත වර්ජනයක් ආරම්භ කළේ ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00 ට මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කළේ , වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම, යෝජිත ප්‍රමිති සහතිකය හා ප්‍රතීතන කොමිෂන් සභා පනත හරහා වෛද්‍ය සභාව අකර්මන්‍ය කිරීම ඇතුළු කරුණු 8 ක් මුල් කර ගනිමිනි.

හෙට පෙරවරු 8 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.

මාතෘ සහ ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂිත වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක ත්‍රිවිධ හමුදා රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවේ.

රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]