by Staff writer 22-08-2019 | 7:04 PM
COLOMBO (News 1st) : පසුගිය කාලයේ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට අද නොතීසි නිකුත් කළේ ය.
ඒ මේ මස 27 වනදා පෙරවරු 9.00ට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දෙමිනි.
ඒ, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලියට ගැනීමෙන් සිදුවී ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගයට අදාළවයි.
ගොඩනැගිල්ල කුලියට ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව යොමුකර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා විසින් බව මීට පෙර ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.