by Staff writer 22-08-2019 | 5:01 PM
COLOMBO (News 1st) - සංචාරක වීසා මත මෙරටට පැමිණ ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නියෝජ්‍ය පාලක එම්.ජී.වී. කාරියවසම් මහතා සඳහන් කළේ, පිලිපීන ජාතික කාන්තාවන් 7 දෙනෙකු සහ රුසියානු ජාතික කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගත් බව ය.
උපාය දූතයින් යොදවා කොල්ලුපිටිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ විදේශ ගමන් බලපත්‍රවල ඔවුන් පුර්ෂයින් ලෙස සඳහන්ව ඇති බව ද කාරියවසම් මහතා සඳහන් කළේ ය.
ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් අද පස්වරුවේ මිරිහාන රැඳවුම් කඳවුරට රැගෙන එනු ලැබී ය.