
ඉන්දීය හිටපු මුදල් ඇමති පලනියාප්පන් චිදම්බරම් අත්අඩංගුවට
ඉන්දීය හිටපු මුදල් ඇමති පලනියාප්පන් චිදම්බරම් අත්අඩංගුවට
කර්තෘ Staff writer
News 1st – ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය පලනියාප්පන් චිදම්බරම් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, වංචා දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා මතයි.
මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ විදේශ ආයෝජකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත චිදම්බරම්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක විය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශ නිලධාරීන් ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත්තේ දිල්ලියේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදීයි.
ඔහුගේ ආධාරකරුවන් සහ මාධ්‍යවේදීන් රැසක් එම අවස්ථාවේ අදාළ ස්ථානයට රැස්ව සිටියහ.
අනතුරුව ප්‍රශ්න කිරීම් සඳහා ඔහු ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබේ.
කෙසේ වෙතත් 73 හැවිරිදි හිටපු ඉන්දීය මුදල් අමාත්‍ය පලනියාප්පන් චිදම්බරම් තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ඔහු මීට පෙර ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.
- ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..
- එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට තරග 2-0ක දරුණු පරාජයක්..
- ඉන්දීය ධීවරයින් මෙරටට ඇතුළුවීම නවත්වන්නේ කෙසේද? – නිර්දේශ දෙන්න ත්‍රිපුද්ගල කමිටුවක්
- තවත් කොරෝනා ආසාදිතයින් 653ක් සුවය ලබයි
- සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි
- කොරෝනා පැරදූ නවසීලන්තයෙනුත් නව ආසාදිතයෙක්
- ඇවන්ගාඩ් නඩුව ලබන 01 වැනිදා කැඳවීමට නියෝග
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයක සේවා තාවකාලිකව නවතී
- පාඨලී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගනී
- පානදුර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයෙක් මරුට