GPS නොමැති අ. සුඛෝපභෝගී බස් රථ සම්බන්ධයෙන් තීරණයක්

GPS සවි නොකළ අර්ධ සුඛෝපභෝගී බස් රථවල මාර්ග බලපත්‍ර යළි දීර්ඝ නොකිරීමේ තීරණයක්

by Staff writer 21-08-2019 | 7:29 AM
COLOMBO (News 1st) - ජී.පී.එස්. පද්ධති සවි නොකළ අර්ධ සුඛෝපභෝගී බස් රථවල මාර්ග බලපත්‍ර යළි දීර්ඝ නොකිරීමට ජාතික ගමනා ගමන කොමිසම තීරණය කර තිබේ. එහි සභාපති ජනක මල්ලිමාරච්චි මහතා සඳහන් කළේ, එවැනි බස් රථ 16ක් සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කර ඇති බව ය. ජී.පී.එස්. පද්ධති සවි නොකළ අර්ධ සුඛෝපභෝගී බස් රථ 100කට අධික සංඛ්‍යාවක් පවතින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.