වෛද්‍යවරු හෙට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

වෛද්‍යවරු හෙට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

by Staff writer 21-08-2019 | 5:17 PM

COLOMBO (News 1st) - හෙට උදෑසන 8.00 සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ, වර්ජනය ක්‍රියාත්මක වුවද සියලු හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු සැලසුම් කර ඇති බවයි. මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂිත වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිධ හමුදා රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවනු ඇති. දැනට පැය 24 ක කාලයක් සඳහා සැලසුම් කර ඇති දීපව්‍යාප්ත වැඩ වර්ජනයෙන් ඔබ්බට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට උදෑසන තම සංගමයේ විධායක සභාව රැස්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.