රා. මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනපති කොමිසමට

රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ජනපති කොමිසම හමුවට

by Staff writer 21-08-2019 | 9:51 AM
COLOMBO (News 1st) - ප්‍රතිජීවක ඖෂධ ආනයනයේදී සිදු වූ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධ විමර්ශනයේ සාක්ෂි ලබා දීමට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ.එම්.ඩී.ඒ. ජයසිංහ මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද කැඳවා තිබේ. එම කොමිසම සඳහන් කළේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා යොමු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා කොමිසම හමුවට කැඳවා ඇති බව ය. මේ අතර ඌව පළාත් සභාවේ මාර්ග සංවර්ධනයේදී රුපියල් මිලියන 726ක මුදලක් අවභාවිත කළ බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා එම පළාත් සභාවේ ලේකම්වරයා ද අද ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ. බදුල්ල කන්දකැටිය මාර්ගය ඉදිකිරීමේදී මෙම මූල්‍ය වංචාව සිදු වූ බවට පැමිණිලි කර ඇත්තේ පළාත් සභාවේ සේවකයින් පිරිසක් විසිනි.