by Staff writer 21-08-2019 | 4:21 PM
COLOMBO (News 1st) - පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය සහ ඇගේ සහෝදරිය ලබන 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, බලපත්‍ර නොමැතිව කාන්තාවක් පැද වූ යතුරුපැදියක් වෙන්නප්පුව පොලීසිය විසින් ඊයේ පරීක්ෂා කර ඇති බවයි.
එම යතුරුපැදිය පදවා ඇත්තේ, අදාළ මන්ත්‍රීවරියගේ සහෝදරිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
අනතුරුව එම ස්ථානයට අදාළ මන්ත්‍රිවරිය, ඇයගේ පියා සහ තව ත් කාන්තාවක් පැමිණ තිබේ.
එහිදී ඔවුන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති අතර එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු එම සිද්ධිය වීඩියෝගත කර ඇත.
ඒ අනුව වෙන්නප්පුව පොලීසිය මේ සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කර අදාළ වීඩියෝ පටය මහේස්ත්රාත්වරයාට ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මාරවිල අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කර කෙරිණි.
අනතුරුව ඔවුන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.