ජනපතිවරණ සටන ගැන සාකච්ඡාවට එ.ජා.ප. මැති ඇමතිවරුන් හා සජිත් ප්‍රේමදාස අතර තවත් හමුවක්

by Staff writer 21-08-2019 | 6:55 AM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ කොළඹදී පැවැත්විණි. අප වාර්තාකරු සඳහන් කළේ එම අවස්ථාවට මංගල සමරවීර, මලික් සමරවික්‍රම, ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න, එස්.එම්. මරික්කාර්, පාලිත තෙවරප්පෙරුම, චන්ද්‍රාණි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද සහභාගී වූ බව ය.