ගම්මැද්ද ජනතා මණ්ඩප හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමින්

ගම්මැද්ද ජනතා මණ්ඩප අද හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමින්

by Staff writer 21-08-2019 | 1:09 PM
COLOMBO (News 1st) - ගම්මැද්ද ජනතා මණ්ඩප ගමින් ගමට වැඩසටහන අද තෙවැනි දිනටත් ක්‍රියාත්මක ය. ඒ, හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිතව ය. මෙරට හඬක් නොමැති මිනිසුන්ට පොදු වේදිකාවක් තැනීමේ අරමුණින් ජනතා මණ්ඩප ගමින් ගමට ක්‍රියාන්විතය දියත් කර තිබේ. ගම්මැද්ද සිව් වසරක් පුරා සිදු කළ පොදු ජන මෙහෙවර අළලා සකස් කෙරුණු ප්‍රදර්ශනයක් ද ඊට ඇතුළත් ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ගම්මැද්ද කණ්ඩායම ගෙයින් ගෙට ක්‍රියාන්විතය යටතේ හඳුනා ගත් ප්‍රශ්න 8ක් වහා ක්‍රියාත්මක කරවීම පිණිස ක්‍රියාකාරී දායකත්වය ලබා දීමට ගම්වැසියන්ට මෙහිදී ඉඩ සැලසේ. ඒ සඳහා විශේෂ පත්‍රිකාවක් සකස් කර ඇති අතර එය පුරවා ගම්මැද්ද කණ්ඩායමට භාර දිය හැකි ය. අද උදෑසන තංගල්ල නගරයෙන් අප කණ්ඩායම සිය වැඩ කටයුතු ආරම්භ කළේ ය. අප කණ්ඩායම අද අම්බලන්තොට හරහා හම්බන්තොටට ගමන් කිරීමට නියමිත ය. අමේ අතර ගම්මැද්ද V-Force බලකායට ද බොහෝ දෙනා එක් වෙමින් සිටිති. අද පස්වරුවේ හම්බන්තොට සීනිප්පු ගම්මානයේ ගම්මැද්ද ජනතා මණ්ඩපය සඳහා මේ වන විට කටයුතු සූදානම් කරමින් තිබේ.