
පොලිස් රාජකාරියට බාධා කළ වෙන්නප්පුව ප්‍රා. සභාවේ මන්ත්‍රීවරිය රිමාන්ඩ්
පොලිස් රාජකාරියට බාධා කළ වෙන්නප්පුව ප්‍රා. සභාවේ මන්ත්‍රීවරිය රිමාන්ඩ්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය සහ ඇගේ සහෝදරිය ලබන 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, බලපත්‍ර නොමැතිව කාන්තාවක් පැද වූ යතුරුපැදියක් වෙන්නප්පුව පොලීසිය විසින් ඊයේ පරීක්ෂා කර ඇති බවයි.
එම යතුරුපැදිය පදවා ඇත්තේ, අදාළ මන්ත්‍රීවරියගේ සහෝදරිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
අනතුරුව එම ස්ථානයට අදාළ මන්ත්‍රිවරිය, ඇයගේ පියා සහ තව ත් කාන්තාවක් පැමිණ තිබේ.
එහිදී ඔවුන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති අතර එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු එම සිද්ධිය වීඩියෝගත කර ඇත.
ඒ අනුව වෙන්නප්පුව පොලීසිය මේ සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කර අදාළ වීඩියෝ පටය මහේස්ත්රාත්වරයාට ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මාරවිල අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කර කෙරිණි.
අනතුරුව ඔවුන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
- ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..
- එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට තරග 2-0ක දරුණු පරාජයක්..
- ඉන්දීය ධීවරයින් මෙරටට ඇතුළුවීම නවත්වන්නේ කෙසේද? – නිර්දේශ දෙන්න ත්‍රිපුද්ගල කමිටුවක්
- තවත් කොරෝනා ආසාදිතයින් 653ක් සුවය ලබයි
- සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි
- කොරෝනා පැරදූ නවසීලන්තයෙනුත් නව ආසාදිතයෙක්
- ඇවන්ගාඩ් නඩුව ලබන 01 වැනිදා කැඳවීමට නියෝග
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයක සේවා තාවකාලිකව නවතී
- පාඨලී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගනී
- පානදුර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයෙක් මරුට