
එම්. ඒ. සුමන්දිරන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
එම්. ඒ. සුමන්දිරන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
සුමන්දිරන් මන්ත්‍රීවරයා මේ පෙත්සම ගොනු කළේ, සීමා නිර්ණ වාර්තාව නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකිදැයි විමසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අයැදුම්පතට මැදිහත් පාර්ශවයක් ලෙස සම්බන්ධවී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමිනි.
සීමා නිර්ණ වාර්තාව නොමැතිව පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය කැඳවීමට ජනාධිපතිතුමාට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව නිගමනය කරන්නැයි මන්ත්‍රීවරයා පෙත්සමෙන් ඉල්ලා ඇත.
ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අයැදුම්පත අනිද්දා පෙරවරු 10.00 ට අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි.
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
- අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි
- අර්ජුන එජාපයේ ධුරය එපා කියයි..
- මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට
- කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක්
- ”විකුණන්නෙත් නෑ… බදු දෙන්නෙත් නෑ” – නාමල්
- චීනෙනු ත් ශ්‍රී ලංකාවට COVID එන්නත් ප්‍රදානයක්
- පේරු රටින් අඩක් වැසෙයි
- කොරෝනා මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි