හිටපු යුද හමුදාපති ජනපති හමුවෙයි

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක, ජනපති හමුවෙයි

by Staff writer 20-08-2019 | 5:13 PM
COLOMBO (News 1st) - හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජනරාල් ධූරයට උසස් කර තිබේ. සේනානායක මහතාගේ නිල කාලය පසුගිය සිකුරාදා දිනයෙන් අවසන් විය. 2017 වසරේ ජුලි 19 වන දා යුද හමුදාපති ලෙස දිවුරුම් දුන් ඔහු වසර දෙකකට අධික කාලයක් සිය ධූරයේ කටයුතු කළේ ය. මේ අතර හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ඒ, ජනාධිපති කාර්යාලයේදී ය. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිතුමා ඔහු සමග සුහද කතා බහක නිරත වූ බව ය. එහිදී හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිතුමාට සමරු තිළිණයක් ද පිළිගන්වා තිබේ.