ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවට

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවට

by Staff writer 20-08-2019 | 12:05 PM

COLOMBO (News 1st ) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ, එම සමාගමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අද පස්වරු 2.30 ට එම අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවන බවයි. මේ අතර ඉදිරි දින කිහිපය තුළ පාර්ලි‍මේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට රාජ්‍ය ආයතන 8 ක් විමර්ශන සඳහා කැඳවනු ඇති. ඒ අනුව අද සිට සැප්තැම්බර් 6 වන දා දක්වා අදාළ ආයතනවල ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කාරක සභාව හමුවට කැඳවා තිබේ. ලංකා සතොස ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව සහ පරමාණුක බලශක්ති අධිකාරිය ඉදිරි දින කිහිපය තුළ කොප් කමිටුව හමුවට කැඳවා ඇති රාජ්‍ය ආයතනයි. පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව පසුගිය දා මාධ්‍යයට විවෘත කරනු ලැබුවේ ය. මේ අතර රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු ද හෙට සිට මාධ්‍යයට විවෘත කිරීමට පියවර ගෙන ඇත.