දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

by Staff writer 20-08-2019 | 5:24 PM
COLOMBO (News 1st) - පසුගිය මාර්තු මස පැවති දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන්ගෙන් 35,421 දෙනෙකු සමත්ව ඇති බව ය. විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි ය. සිසුන් 125,642ක් විභාගයට අයැදුම් කර තිබුණ ද ඊට පෙනී සිටියේ අයැදුම්කරුවන් 77,643ක් පමණක් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.