ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 20-08-2019 | 6:05 AM

දේශීය පුවත්

1. ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ: නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ. 2. 2019 ජාතික සම්මාන ප්‍රධාන උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්: 2019 වසරේ ජාතික සම්මාන ප්‍රධාන උත්සවය ඊයේ පස්වරුවේ පැවැත්විය. 3. එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අරලියගහ මැදුරේදී: එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. 4. විපක්ෂ නායක සහ යසුෂි අකාෂි අතර හමුවක්: පුනරුත්තාපනය සහ නැවත ගොඩ නැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුව තිබේ.

විදෙස් පුවත්

5. හදිසි ගංවතුරින් ඉන්දියාවේ 31 දෙනෙකු මරුට: හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් උතුරු ඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් සහ උත්තර් කාන්ද් ප්‍රාන්තවල පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.