ගම්මැද්ද ජනතා මණ්ඩප අද මාතරට

ගම්මැද්ද ජනතා මණ්ඩප ගමින් ගමට - වැඩසටහන අද මාතරට

by Staff writer 20-08-2019 | 7:21 AM

COLOMBO (News 1st) - ගම්මැද්ද ජනතා මණ්ඩප ගමින් ගමට - වැඩසටහන අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

අද මෙම කණ්ඩායම මාතර දක්වා ගමන් කරනු ඇති. ජනතා මණ්ඩප ගමින් ගමට ක්‍රියාත්මක වන්නේ අත්හැරුණු මිනිසුන්ගේ හඬ රටට කියන පොදු වේදිකාවක් තැනීමේ අරමුණිනි. ගම්මැද්ද සිව්වසරක් පුරා සිදු කළ පොදු ජන මෙහෙවර අළලා සකස් කෙරුණු ප්‍රදර්ශනයක් ද ඊට ඇතුළත් ය. ගෙයින් ගෙට ක්‍රියාන්විතය යටතේ හඳුනාගත් ප්‍රශ්න 8 ක් වහා ක්‍රියාත්මක කරවීම පිණිස ක්‍රියාකාරි දායකත්වය ලබාදීමට ගම්වැසීන්ට මෙහිදී ඉඩ සැලසේ. ඒ සඳහා විශේෂ පත්‍රිකාවක් සකස් කර ඇති අතර එය පුරවා ගම්මැද්ද කණ්ඩායමට භාර දිය හැකියි.