2019 ජාතික සම්මාන ප්‍රධාන උත්සවය

2019 ජාතික සම්මාන ප්‍රධාන උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

by Staff writer 19-08-2019 | 8:10 PM

COLOMBO (News 1st) - 2019 වසරේ ජාතික සම්මාන ප්‍රධාන උත්සවය අද පස්වරුවේ පැවැත්විය.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. සම්මාන උළෙල පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. දේශමාන්‍ය, ශ්‍රී ලංකා රත්න, දේශබන්දු, විද්‍යාජෝති, කලාකීර්ති ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටට සේවය කළ පුද්ගලයින්ට මෙහිදී ජාතික සම්මාන පිරිනැමුණි. එහිදී අජිත ද සොයිසා, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මෙරිල් ජෝෂප් පෙරේරා, මොරගොඩ ක්‍රිස්ටෝපර් වෝල්ටර් පින්ටෝ, මහාචාර්ය මොහාන් මුණසිංහ සහ ආචාර්ය සුරත් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇගයීමට ලක්වුනේ දේශමාන්‍ය ජාතික සම්මානයෙනි. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාට දේශබන්දු සම්මානය පිරිනැමුණේය. එඩ්වින් ආරියදාස, සුගත් තිලකරත්න සහ මහාචාර්ය විමල් දිසානායක යන මහත්වරුන්ට දේශබන්දු සම්මානය පිරිනැමූ අතර ජපාන විශේෂ සාම නියෝජිත යසුෂි ආකාෂි මහතා ශ්‍රී ලංකා රත්න සම්මානයෙන් පිදුම් ලැබුවේය. දේශබන්දු සම්මානයෙන් පිදුම් ලැබු සෙසු සම්මාන ලාභීන් වන්නේ, අනුර පුංචි බණ්ඩාර තෙන්නකෝන්, ඇන්ස්ලම් බොනිෆස්ට් පෙරේරා, මහාචාර්ය රාජා සරත් බණ්ඩාර, මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, මහාචාර්ය ශිරාජිනි නිරිඇල්ල සහ ආචාර්ය නිමල් හේරත් සදරත්න යන මහත්ම මහත්මීන් ය.