මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක්

මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක්

by Staff writer 19-08-2019 | 10:41 AM
COLOMBO (News 1st) : ඇෆ්ඝනිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ, ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙනි. ඔවුන් සඳහන් කළේ, ඔහු අවස්ථා කිහිපයකදී ම එරට ක්‍රිකට් ආයතනය දැනුවත් නොකර රටින් පිටව ගොස් ඇති බවයි. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ නීති රීති ප්‍රකාරව ක්‍රීඩකයෙකු විදෙස්ගත වන්නේ නම් ඒ පිළිබඳ අනිවාර්යයෙන්ම ක්‍රිකට් ආයතනය දැනුවත් කිරීමට සිදුවේ. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර දී මොහොමඩ් ෂෙසාඩ් යළි සියරටට එවීමට එරට බලධාරීන් කටයුතු කළේ, ආබාධ තත්ත්වයකට ඔහු ගොදුරු වී ඇති බව සඳහන් කරමිනි.