පලෙයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අත්අඩංගුවට

පලෙයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අත්අඩංගුවට

by Staff writer 19-08-2019 | 4:02 PM

COLOMBO (News 1st) - යාපනය, පලෙයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට වන සැකය මත යුද හමුදාව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන යාපනය ත්‍රස්තවාදී විමර්ශන ඒකකය වෙත භාරදුන් බවයි. 41 හැවිරිදි වියේ පසුවන එම වෛද්‍යවරයා යාපනය හා චාවකච්චේරි ප්‍රදේශවල පදිංචි ස්ථාන දෙකක් ඇති අයෙකි. දැනට ඔහු යාපනය පොලීසියේ රඳවාගෙන විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.