කෝට්ටේ නගරාධිපති ජනපති කොමිසම හමුවට

ජනපති කොමිසම කෝට්ටේ නගරාධිපතිගෙන් ප්‍රකාශයක් ගැනීමට සූදනම්

by Staff writer 19-08-2019 | 6:43 AM
COLOMBO (News 1st) : ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගෙන් අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය සිව් වසරේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම තීරණය කර තිබේ. ඒ, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල පිළිබඳවයි. එම ගොඩනැගිල්ල සඳහා නියමිත සැලසුම් අනුමත කර තිබේ ද?, නීත්‍යනුකූල පරිදි අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර තිබේ ද? යන්න මෙහිදී විමර්ශනයට සැලසුම් කර ඇති බව කොමිසම සඳහන් කළේ ය. අදාළ ප්‍රකාශය අද නගරාධිපතිවරයාගේ කාර්යාලයේදී ලබා ගැනීමට නියමිතයි.