එජාප කණ්ඩායම් රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්

by Staff writer 19-08-2019 | 8:10 AM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රහසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එහිදී පාර්ලිමේන්තු කටයුතුවලට අමතරව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ මතය විමසීමට ද නියමිතයි. මේ වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර ඇති අතර ජාතික ජන බලවේගය ඊයේ දිනයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ, අනුර කුමාර දිසානායක මහතායි.