කුණු ගෙන ගිය ටිපර්වලට පහරදුන් පිරිසක් අත්අඩංගුවට

අරුවක්කාලු අංගනයට කුණු ගෙන ගිය ටිපර්වලට පහරදුන් පිරිසක් අත්අඩංගුවට

by Staff writer 19-08-2019 | 1:16 PM
කොළඹ සිට කසල ප්‍රවාහනය කළ ටිපර් රථවලට අද අළුයම පහර දුන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන  තිබේ. පොලිසිය පැවසුවේ අද අළුයම පුත්තලම නගරයේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි. කොළඹ සිට අරුවක්කාලු අංගනයට බැහැර කිරීම සඳහා කසල රැගෙන යමින් තිබියදි මෙම සිදුවීම ඇතිව තිබේ අරුවක්කාලු ප්‍රදේශයට කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ජනතා විරෝධතාව එල්ලවුණා.