ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ

ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ

කර්තෘ Staff writer

19 Aug, 2019 | 1:18 pm

නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.

ඔහු මෙරට යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයායි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහු හමුදාපති ධුරයට පත් කල බව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ප්‍රකාශ කළේය.

1984 වර්ෂයේදී ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස යුධ හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා එල්.ටි.ටි.ඊ ය සමග පැවති යුද්ධයේදී 58 වන බල සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කල ඔහු ඉකුත් ජනවාරි මාසයේ සිට යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේ කටයුතු කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]