දිමුත් හා තිරිමාන්නගෙන් විශිෂ්ට පිතිහරඹයක්

ශ්‍රී ලංකාව ජයග්‍රහණයට තව ත් ලකුණු 135 ක් පිටුපසින්...

by Staff writer 18-08-2019 | 8:02 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද යි.

ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනය සඳහා ඊයේ තරගය නතර කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 133 කි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින නායක දිමුත් කරුණාරත්න ලකුණු 71 ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 57 ක් රැස් කර ගෙන සිටියේ ය. ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය තුළ තව ත් ලකුණු 135 ක් රැස් කළ යුතු වේ. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි. අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සහභාගී වන පළමු තරගාවලිය මෙය වේ.