දිමුත්ගෙන් ශතකයක්: ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට වසර 7කට පසු නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක්

by Staff writer 18-08-2019 | 12:40 PM

COLOMBO (News 1st) - වසර 7 කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගයක් අද ජය ගත්තේ ය.

ඒ, නවසීලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 6 කින් ජය ගනිමිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ, ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 161 ට සීමා වූ අතර ළහිරු තිරිමාන්න ලකුණු 64 කට දැවී ගියේ ය. කුසල් මෙන්ඩිස් ලකුණු 10 යි. ටෙස්ට් පිටියේ 9 වැනි ශතකය වාර්තා කළ නායක දිමුත් කරුණාරත්න ලකුණු 122 කට දැවී ගියේ ය. මෙම තරග ජයග්‍රහණය අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස ද සැලකේ.