බුදු දහම විකෘති කරන කණ්ඩායම්වලට දැඩි පියවර

බුදු දහම විකෘති කර ප්‍රචාරය කරන කණ්ඩායම්වලට දැඩි පියවර

by Staff writer 18-08-2019 | 7:52 AM

COLOMBO (News 1st) - බුදු දහම විකෘති කර ප්‍රචාරය කරන විවිධ කණ්ඩායම් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සාමාජික අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පැවසුවේ, විවිධ ධර්ම පාඨ පාලි භාෂාවෙන් අර්ථ විකෘති කරමින් සිංහලයට නගා එම කණ්ඩායම් ප්‍රචාරය කරන බවයි. එවැනි කණ්ඩායම් කිහිපයක් පිළිබඳව මේ වනවිට හඳුනා ගෙන ඇති බව ද උන්වහන්සේ සඳහන් කළේ ය. එම කණ්ඩායම් විසින් ත්‍රිපිටකයේ විවිධ පාඨයන් ද විකෘති කර ඇති බව මේ වනවිට හෙළිව තිබේ. පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පැවසුවේ, මෙම කණ්ඩායම් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ත්‍රිපිටක ග්‍රන්ථ සංරක්ෂණ මණ්ඩලය රැස්වන බවයි. ජනාධිපතිතුමා ද මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බව පූජ්‍ය ආනමඩුවේ ධම්ම දස්සි හිමියන් සඳහන් කළේ ය.