ස්වයංක්‍රීය ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

පිටිගලදී ස්වයංක්‍රීය ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 18-08-2019 | 10:31 AM

COLOMBO (News 1st) - පිටිගල ප්‍රදේශයේදී ස්වයංක්‍රීය ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු 43 හැවිරිදි තල්ගස්පේ පදිංචිකරුවෙකි. ඔහු අම්පාර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.