ජවිපෙ ජනපති අපේක්ෂකයා නම් කිරීම අද

ජාතික ජන බලවේගයේ මහ සමුළුව අද ගාලු මුවදොර පිටියේදී

by Staff writer 18-08-2019 | 7:56 AM

COLOMBO (News 1st) - ජාතික ජන බලවේගය ව්‍යාපාරයේ මහ සමුළුව අද පස්වරුවේ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ, තම පෙරමුණ වටා එක් රොක් වී සිටින කණ්ඩායම් රැසක් ඊට සහභාගි වන බවයි. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කිරීම ද අද දිනයේ සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේ ය.