ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 18-08-2019 | 7:53 AM

දේශීය පුවත්

1. එ.ජා.ප. සන්ධානය පිළිබඳ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වෙයි: එක්සත් ජාතික පක්ෂය මූලිකව ගොඩනැගෙන නව සන්ධානය පිළිබඳව තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ස්ථාන කිහිපයකදී පැවැත්විණි. 2. කඳපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට: නුවරඑළිය – උඩුපුස්සැල්ලාව මාර්ගයේ කඳපොල, අයිස්පීල්ල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. 3. පොහොට්ටු – ශ්‍රීලනිප සාකච්ඡා ලබන සතියේ: පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය අතර සාකච්ඡා එන සතියේ ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

විදෙස් පුවත්

4. ජම්මු – කාශ්මිර ගැටලුව රටේ අභ්‍යන්තර ගැටලුවක් බව ඉන්දියාව කියයි: ජම්මු – කාශ්මිර ගැටලුව මුලිමනින්ම සිය රටේ අභ්‍යන්තර ගැටලුවක් පමණක් බව ඉන්දියාව පවසයි.

ක්‍රීඩා පුවත්

5. ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට: ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලෝක පොලිස් ක්‍රිකට් කිරුළ දිනා ගෙන තිබේ. ඒ, බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදවමිනි.