කාලගුණෙන් ධීවර ප්‍රජාවට දැනුම් දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැනුම් දීමක්

by Staff writer 18-08-2019 | 5:42 PM
COLOMBO (News 1st) : කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 - 80 දක්වා වැඩි විය හැකි බවයි. ඒ පිළිබඳ විමසිලිමත්වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙයි.