ඇෆ්ගනිස්තානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

කාබුල්හි විවාහ මංගලෝත්සවයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

by Staff writer 18-08-2019 | 5:35 PM
COLOMBO (News 1st): ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර විවාහ මංගලෝත්සවයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබේ. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 182 කි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන් වැඩි පිරිසක් කාන්තාවන් සහ කුඩා ළමුන් බවයි. තුවාලකරුවන්ගෙන් බහුතරයකගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. පිපිරීමත් සමඟ විනාඩි 20 ක පමණ කාලයක් ශාලාව දුමාරයෙන් පිරී පැවති බව වාර්තා වනවා. ප්‍රහාරය එල්ල වී ඇත්තේ ශියා මුස්ලිම්වරුන්ට අයත් ප්‍රදේශයක පැවති මංගල උත්සවයකටයි. සුන්නි කැරලිකරුවන් තලෙයිබාන් සහ අයි. එස්. ත්‍රස්තයින් ඇෆ්ගනිස්තානයේ ශියා ඇතුළු සුළු ජන කොටස් ඉලක්ක කර යළි ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.