සායනික අපද්‍රව්‍ය බැහැර කළ තිදෙනෙකුට නීතිමය පියවර

අවිධිමත් ලෙස රෝහල්වල සායනික අපද්‍රව්‍ය බැහැර කළ තිදෙනෙකු හඳුනා ගැනේ

by Staff writer 18-08-2019 | 7:58 AM

COLOMBO (News 1st) - අවිධිමත් ලෙස පසුගිය දිනවල රෝහල්වල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි උපද්‍රවකාරී අපද්‍රව්‍ය වැලැක්වීමේ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සඳහන් කළේ, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේ නීතිමය පියවර ගන්නා බවයි. පසුගිය දිනවල සෙවනගල, හම්බන්තොට ඇතුළු ස්ථාන කිහිපයකින් අවිධිමත් ලෙස සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ සිද්ධි වාර්තා විය. ඒ සම්බන්ධ පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන බව ද වීරසුන්දර මහතා ප්‍රකාශ කළේ ය. සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සියලු රෝහල් විසින් පරිසර අධිකාරියේ බලපත්‍රයක් ලබාගත යුතු බව ද අජිත් වීරසුන්දර මහතා සඳහන් කළේ ය.