හොර පාරෙන් ඔස්ට්‍රේලියා යන්න හැදූ 12ක් අත්අඩංගුවට

හොර පාරෙන් ඔස්ට්‍රේලියා යන්න හැදූ 12ක් අත්අඩංගුවට

by Staff writer 18-08-2019 | 3:29 PM
COLOMBO (News  1st) : නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තැත් කළ සැකකරුවන් 12 දෙනෙකු හලාවත, ඉරණවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, වාලච්චේන, වැලිකන්ද, කල්කුඩා, තොඩුවාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.