ශ්‍රී ලංකාවට වසර 7කට පසු නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක්

ශ්‍රී ලංකාවට වසර 7කට පසු නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක්

ශ්‍රී ලංකාවට වසර 7කට පසු නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක්

කර්තෘ Staff writer

18 Aug, 2019 | 12:40 pm

COLOMBO (News 1st) – වසර 7 කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගයක් අද ජය ගත්තේ ය.

ඒ, නවසීලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 6 කින් ජය ගනිමිනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ, ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.

පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 161 ට සීමා වූ අතර ළහිරු තිරිමාන්න ලකුණු 64 කට දැවී ගියේ ය.

කුසල් මෙන්ඩිස් ලකුණු 10 යි.

ටෙස්ට් පිටියේ 9 වැනි ශතකය වාර්තා කළ නායක දිමුත් කරුණාරත්න ලකුණු 122 කට දැවී ගියේ ය.

මෙම තරග ජයග්‍රහණය අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස ද සැලකේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]