මහවැලි ගඟේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට

මහවැලි ගඟේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට

by Staff writer 18-08-2019 | 3:25 PM
COLOMBO (News 1st) : මහියංගනය ප්‍රදේශයේදී මහවැලි ගඟේ දියනාමින් සිටි තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ තරුණයින් 4 දෙනෙකු දියනාමින් සිටියදී දියේ ගිලී ඇති බවයි. පොලීසිය සහ ප්‍රදේශවාසීන් ඔවුන් බේරාගෙන රෝහල්ගත කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මියගොස් ඇත්තේ 17 සහ 21 හැවිරිදි වත්තේගම මැදගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකි.