ඉඳුරුවේ ප්‍රදේශවාසීන් විරෝධතාවක...

පානීය ජලය ඉල්ලා ඉඳුරුවේ වැසියන් විරෝධතාවක...

by Staff writer 18-08-2019 | 11:42 AM

COLOMBO (News 1st) - පානීය ජලය ලබාදෙන ලෙස ඉල්ලා ගම්වාසීන් පිරිසක් ගාල්ල - කොළඹ මාර්ගය ඉඳුරුව අමෙරිකන් මංසන්ධියෙන් අවහිර කරමින් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.

එලෙස විරෝධතාවයේ නිරත වූයේ වසර 30 ක පමණ කාලය සිට පානීය ජල ගැටලුවකින් පීඩා විඳින ඉඳුරුව නෙළුම්පොකුණ ගම්වැසියන් පිරිසකි. ජලය නොමැතිවීමෙන් තමන්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ද ගම්වාසීන් පැවසීය.