පකිස්ථානු අගමැති ආරක්ෂක කවුන්සිලය හමුවට

පකිස්ථානු අගමැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවට

by Staff writer 18-08-2019 | 8:50 AM

News 1st - ජම්මු - කාශ්මීරයට ස්වයං පාලන හිමිකම යළි ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කරුණු 11 කින් සමන්විත යෝජනාවලියක් සකස් කර ඇතැයි පකිස්ථානය පවසයි.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුවයි. ලොව ප්‍රබලම රාජ්‍ය තාන්ත්‍රික සංසදය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 50 වසරකට වැඩි ඉතිහාසය තුළ මෙවැනි ගැටලුවක් භාර ගත්තේ පළමු වතාවට බව ද ඔහු පැවසුවේ ය. කාශ්මීර ජනතාවගේ වේදනා අවසන් කරමින් පවතින ගැටුම් විසඳීමට සහතික වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගකීමකි. එම හමුවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල සාමාජිකයින් සඳහන් කර තිබුණේ, ජම්මු - කාශ්මීරය සම්බන්ධයෙන් තමුන් දැඩි විමසිල්ලෙන් පසුවන බවයි.