අත දුන් වේදිකාව අත නොහැරු ජූඩ්

අත දුන් වේදිකාව අත නොහැරු ජූඩ්

අත දුන් වේදිකාව අත නොහැරු ජූඩ්

කර්තෘ Staff writer

18 Aug, 2019 | 9:22 am

COLOMBO (News 1st) – ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකවරයෙකු සහ සංවිධායකවරයෙකු වන ජූඩ් ශ්‍රීමාල් මහතාගේ කලා දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් හෙට සිට නාට්‍ය උළෙලක් පැවැත්වීමට නියමිත වේ.

ඒ, කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ය.

මට තාම හතළිහයි ලෙස නාට්‍ය උළෙල නම් කර තිබේ.

නාට්‍ය උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් දයානන්ද ගුණවර්ධනයන්ගේ ගජමන් පුවත නාට්‍ය වේදිකාගත වනු ඇති.

ලබන 25 වැනි දා දක්වා පැවැත්වෙන නාට්‍ය උළෙලේදී කුවේණි, වංකගිරිය, ගිරා පන්තිය, මූදූ පුත්තු, කැලණි පාලම, සුදු සහ කළු, බවකඩතුරාව යන නාට්‍ය වේදිකාගත වේ.

නාට්‍ය නිෂ්පාදකවරයෙකු මෙන්ම චිත්‍ර කතා ශිල්පියෙකු ද වන ජූඩ් ශ්‍රීමාල් මහතා මෙම නාට්‍ය උළෙල පවත්වන්නේ, අත දුන් වේදිකාව අත නොහැර යන තේමාව යටතේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]