ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

by Staff writer 17-08-2019 | 5:35 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලෝක පොලිස් ක්‍රිකට් කිරුළ දිනා ගත්තේ ය. ඒ, බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදවමිනි. 6 වන වරට සංවිධාන කර තිබූ මෙම තරගාවලිය දින 5ක් පුරා පැවැත්වුණේ එංගලන්තයේ වූස්ටන්හිදී ය. පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් වූ ඒ සඳහා රටවල් 16කින් කණ්ඩායම් එක්ව සිටියේ ය. බටහිර ඔස්ට්‍රේලියාව පරදවමින් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ සහකාර පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා ය. සහභාගී වූ පළමු අවස්ථාවේදීම ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ශූරතාව දිනා ගැනීම විශේෂත්වයකි. ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. පොලිස් ක්‍රිකට් සමාජයේ සභාපති ධූරය හොබවන්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ය.