යළ කන්නයේ වී මිලදී ගැනීම ලබන සතියේ ඇරඹේ

යළ කන්නයේ වී මිලදී ගැනීම ලබන සතියේ ඇරඹේ

by Staff writer 17-08-2019 | 10:55 AM
COLOMBO (News 1st) : යළ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කළේ, ඒ සඳහා සියලු කටයුතු සුදානම් කර ඇති බවයි. රජය ප්‍රකාශයට පත් කර ඇති නව මිල අනුව වී මිලදී ගන්නා බව ද කස්තුරි අනුරාධනායක මහතා ප්‍රකාශ කළේ ය. වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට රජය තීරණය කළේ ය. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, රුපියල් 41 ට පැවති සම්බා වී කිලෝව රුපියල් 46 දක්වා ත් රුපියල් 38 කට පැවති නාඩු වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 43 දක්වා ත් ඉහළ දැමීමට පියවර ගන්නා බවයි. මේ අතර යල කන්නයේ වී අස්වැන්න ඉතා අඩු මට්ටමක පවතින බව වී අලෙවි මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් රට තුළ සහල් හිඟයක් ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා බව එහි සභාපති කස්තුරි අනුරාධනායක මහතා ප්‍රකාශ කළේ ය.