පොහොට්ටු - ශ්‍රීලනිප සාකච්ඡා ලබන සතියේ

පොහොට්ටු - ශ්‍රීලනිප සාකච්ඡා ලබන සතියේ

by Staff writer 17-08-2019 | 10:41 AM
COLOMBO (News 1st) : පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය අතර සාකච්ඡා එන සතියේ ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු පැවසුවේ, එම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කරන බවයි. පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය අතර ඉදිරි සාකච්ඡා තීරණාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කළේ ය.