ධීවර ප්‍රජාවට අවධානයෙන් සිටින්නැයි, දැනුම්දීමක්

ධීවර සහ නාවුක ප්‍රජාවට අවධානයෙන් සිටින්නැයි, දැනුම්දීමක්

by Staff writer 17-08-2019 | 10:24 AM
COLOMBO (News 1st) : හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ක්ෂණිකව ඉහළ යාමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මහත්මිය ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි. මේ අතර වියළි කාලගුණය හේතුවෙන් ජල අර්බුදයකට මුහුණපා සිටින උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව සඳහා වතුර බවුසර් 600 කට ආසන්න ප්‍රමාණයක් යොමුකර ඇතැයි ආපදා කළමනාකරණයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.